fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිනිස් ජාවාරමේ නිරත කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2023 15:10

මිනිස් ජාවාරමේ නිරත කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට

පෝලන්තයට යවන බව පවසා රුපියල් ලක්ෂ 130ක මුදලක් වංචා කළ බවට පැමිණිලි 53ක් ලැබී තිබූ කාන්තාවක විදේශගතවීමට යාමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මෙම කාන්තාව කටුනායක ගුවන් තොටුපොල ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන්දියාව බලා යාමට පැමිණ සිටියදීයි. රැකියා සදහා පෝලන්තයට යවන බව පවසමින් විශාල පිරිසකගෙන් මුදල් සහ ගුවන් ගමන් බලපත්‍ර නීති විරෝධී ලෙස ලබා ගෙන ඇති බවට මැයට චෝදනා එල්ල වනවා. මෙම කාන්තාවට අයත් විදේශ රැකියා නියෝජිත ආයතනය මීට මාස කිහිපයකට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් තහනම් කර තිබුණා.

ඇයට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ගුවන් ගමන් තහනමක්ද පනවා තිබියදීයි මෙලෙස විදේශගත වීමට උත්සාහ කර ඇත්තේ. මෙම කාන්තාව කඩුවෙල මහසේත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 4 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2023 15:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්