එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් ගොවීන් 71000 කට යූරියා පොහොර
Related Articles
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් ගොවීන් හැත්තෑ එක් දහසකට යූරියා පොහොර ලබාදීමට තිරණය කර තිබෙනවා.
පොළොන්නරුව, බදුල්ල, අම්පාර, මාතලේ, පුත්තලම හා හම්බන්තොට දිස්ත්‍රික්කවල හෙක්ටාර භාගයක් දක්වා වගා කරන සුළු පරිමාණ ගොවීන් හැත්තෑ එක් දහසකටයි මෙම පොහොර සහනාධාරය හිමිවන්නේ.
නොමිලේ පොහොර කිලෝග්‍රෑම් 50 ක් බැගින් මොවුන් වෙත ලබා දීම සිදු කෙරෙනවා.
යුරෝ සංගමය යුරෝ මිලියන 4ක ආයෝජනයක් මේ සදහා සිදුකරනවා.
මේ යටතේ වී ගොවීන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණයි. රසායනික පොහොර මත යැපීම අවම කිරිම සදහා නවීන හා දේශගුණය පදනම් කර ගත් කෘෂි කාර්මික ක්‍රම පිළිබද දැනුම ද ගොවීන්ට ලබා දීම සිදු කෙරෙනවා.
රට තුළ උසස් තත්ත්වයේ බිජ වී නිෂ්පාදනය දිරි ගැන්වීම සදහා බීජ වී ගොවීන් සදහා ද මෙම පොහොර ආධාර ලබාදීම සිදු කෙරෙනවා.