මෙම වසරේ පළමු කාර්තුව තුළ දී වනසතුන් විසින් සිදු කරන ලද වගා හානි සම්බන්ධව පැමිණිළි 320ක් ලැබී ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය පවසනවා.
මෙම වසරේ ගත වෙමින් පවතින දෙවැනි කාර්තුව තුළ ද වගා හානි වාර්තා වෙමින් පවතින බවත් මෙම කාර්තුව අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධව වාර්තාවක් ලබා දෙන බව ද එම ආයතනය පෙන්වා දෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම වසරේ වනසතුන්ගෙන් සිදු වූ වගා හානි සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙස දැනුම් දීමක් කර තිබුණා.
මෙම වගා හානි අතරින් වැඩිම වගා හානියක් සිදු කර තිබෙන්නේ රිළවුන් විසින් බව පෙනී ගොස් තිබෙනවා.
වගා හානි සිදු කරන අනෙකුත් සතුන් අතර පිළිවෙළින් වල් ඌරා, මොණරා, දඩුලේනා, ඉත්තෑවා හා වදුරන් ද අයත් වෙනවා.
වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉල්ලීම පරීදි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් පසුගිය වසරේ දී ගොවි ජන සේවා වසම් 464ක වගා හානි සම්බන්ධව පුළුල් විමර්ශණයක් කරනු ලැබුවා.
එම වාර්තාව අනුවත් මෙරට වගාවන්ට වැඩිපුරම හානි කරන සත්වයා වන්නේ රිළවා බව සනාථ වී තිබෙනවා.
විශේෂයෙන් පොල් ත්‍රිකෝණය තුළ පසුගිය වසරට පමණක් පොල් ගෙඩි මිලියන 200ක් රිළවුන් විසින් විනාශ කර දමා ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ පරීක්ෂණවලින් හෙළි දරව් වී තිබෙනවා.