fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ළමුන්ට නොමිලේ සත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාවක්

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2023 09:21

ළමුන්ට නොමිලේ සත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාවක්

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර 87ක් සපිරීම නිමිති කරගන දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ජූලි මස 03 වන දින සිට සතියක් පුරා විශේෂ වැඩ සටහන් ගණනාවක් සංවිධානය කර තිබෙනවා.

එදින වයස 12 න් පහල සියලු ළමුන් සදහා නොමිලේ සත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාව ලබාදෙනු ලබන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙදින සතූන් සහ ඔවුන්ගේ ජීවත්වන පරිසරයන් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ආකල්පමය දැනුමක් ජනතාවතුල වර්ධනය කිරීම සදහා වන වැඩ සටහන් මෙන්ම ළමුන් සදහා දැනුම ලබාගත හැකි විනෝදාත්මක වැඩ සටහන් රාශියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2023 09:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්