ලෝක කුසලාන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනිමේ සුපරි හය දෙනාගේ වටයේ තරග අද ආරම්භ වනවා.
පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතරයි.
තරගය සිම්බාබ්බේ හි බුලවායෝ ක්රිඩාංගනයේදී තව සුළු මොහොතකින් ආරම්භ වනවා.
ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ගමන් කිරිමට අද තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත්වනවා.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරග තුනම ජයගෙන ජයග්‍රාහී මානසිකත්වයකින් පසුවන බවයි කණ්ඩායම් නායක දසුන් ශානක පවසන්නේ.
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අද තරගයට එක්වීමට නියමිතව තිබුණ ද ඔහුගේ ආබාධ තත්ත්වය සුව අතට පත්වීම සදහා තවත් කෙටිකලක් ගතවන බැවින් අද තරගයට ඔහු එක්වන්නේ නැහැ.
ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය එක්දින ජාත්‍යන්තර තරගවලදී තෙවරක් හමුව ඇතකි අතර එම තරග තුනම ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවී තිබෙනවා.