රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ එකොලොස් වන දිනය අදයි
පෙරහැර රාත්‍රී අටට පමණ ආරම්භ වනවා.
මහා දේවාලය අසලින් ආරම්භ වන පෙරහැර ඝණ දේවාලය කිරි විහාරය හා අෂ්ඨඵල බෝධි ය වටා ගමන් කිරීමෙන් පසු ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිට වීදියට පිවිසේ එම වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය ට පැමිණෙනවා
එම දේවාලයේ දී පෞරාණික චාරිත්‍ර ඉටු කිරීමෙන් පසුනැවත මහ වීථි ය ඔස්සේ පැමිණෙන පෙරහැර කතරගම මහා දේවාලය ට ගෙවදීමෙන් නිමාවට පත් වෙනවා.
උඩ රට පහත රට සබරගමුව හා රුහුණට ආවේණික නර්තන කණ්ඩායම් හා අලි ඇතුන් ගෙන් පෙරහැර අලංකාරවත් වේ පෙරහැර නැරඹීම සදහා විශාල පිරිසක් කතරගම පූජා භූමිය වෙත පැමිණ සිටිති මෙවර ගිණි පෑගීමේ මංගල්‍යය හෙට රාත්‍රී සිදු කිරීමට නියමිතයි.
වල්ලි අම්මා දේවාලයේ ගිණි පෑගීමේ මංගල්‍යය ද හෙට (30) දහවල් සිදු කෙරේ
ආදිවාසී ඇත්තන් වි සින් රග දක්වනු ලබන කිරි කොරහ රංගනය ද හෙට දහවල් වල්ලිඅම්මා දේවාලය අසල දී සිදු කෙරේ