මීගමුවට ආසන්න මුහුදු වෙරළට තෙල් විශේෂයක් ගොඩගසයි
Related Articles
මීගමුවට ආසන්න මුහුදු වෙරළට මුහුදේ සිට තෙල් විශේෂයක් ගොඩගසා තිබෙනවා.
මීගමුව සරක්කුව කැපුන්ගොඩ වෙරළ තීරයට මෙම තෙල් විශේෂය ගොඩගැසී තිබෙනවා.
දින කිහිපයක සිට මෙය සිදුවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ පිළිබඳ අවධානයෙන් පසුවනවා.
අදාළ ඉන්ධන විශේෂයේ සාම්පල ලබා ගෙන පර්යේෂණාගාර වෙත යොමු කර ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරියෙකු වන ඉන්දික විජේරත්න මහතා පවසන්නේ.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධික්ෂණය යටතේ අදාළ මුහුදු තීරයේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු ද සිදුවනවා.