fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කරයැවීමට පවතින දුෂ්කරතා සඳහා විසඳුම් ලබා දෙන්න සාකච්ඡාවක්

hasiniek
By hasiniek ජූනි 29, 2023 13:03

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කරයැවීමට පවතින දුෂ්කරතා සඳහා විසඳුම් ලබා දෙන්න සාකච්ඡාවක්

විදේශගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොලේදී ඉහළ පිළිගැනීමක් ලබාදීම සඳහා ආරම්භ කළ Hope Gate විශේෂ පිවිසුම් ද්වාරයේ කටයුතු වඩාත් සක්‍රීය කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවුණා.

කොරියාව බලා පිටත්ව යන ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් යානාවල ප්‍රමාද පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කරයැවීමට පවතින දුෂ්කරතා සඳහා විසඳුම් ලබාදීමේත්, අදාල කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා අවධාරණය කළා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස්, කම්කරු සහ විදේශ රැකියා අමත්‍යාංශයේ උපදේශක ශාන් යහම්පත් යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

hasiniek
By hasiniek ජූනි 29, 2023 13:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්