සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන හීනටියන මහේෂ් යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය සහ අපරාධ සිදු කරන ප්‍රධානතම ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසනවා.
පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටදී වැටලීමක් සිදු කර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
එම බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක දෙකෙහි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම් සිදු කෙරුණා.
මිනුවන්ගොඩ බොරගොඩවත්ත ඔස්ටින් හන්දිය අසලදී පසුගිය 117 වනදා වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අවශ්‍යව සිටි බව ද සඳහන්.
මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය ද සමඟයි.
වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා.