චීනයෙන් මෙරට ජනතාව සදහා ලැබුණු වියළි ආහාර පාර්සල් බෙදා දීමේ වැඩසටහන් ඊයේ පස්වරුවේ බොරලන්ද වංගියකුඹුර ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේදී සිදුකෙරුණා.
ඒ ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂෙංග් හොංග් මහතාගේ ප්‍රධානත්වයෙන්.
චීන ශ්‍රී ලංකා බෞද්ධ මිත්‍රත්ව සංගමයේ මැදිහත්වීම මත චීනයේ බෞද්ධ විහාරස්ථාන 07 ක මූලිකත්වයෙන් චීනයේ වෙසෙන බෞද්ධ ජනතාව විසින් මෙම වියළි සලාක මෙරටට ලබා දී තිබු අතර මේ වන විට පවුල් පනස් 1000 ක් සදහා මෙලෙස වියලි සලාක බෙදා දී තිබෙනවා..
බොරලන්ද වංගියකුඹුර ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති අති පුජ්‍ය පස්සර සෝරත හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධීකාරි බඹරපනේ ධම්මාලෝක හිමියන්ගේ සහ බදුල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි වංගියකුඹුරේ සමිත හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබු අතර, මේ අවස්තාවට චීන ශ්‍රී ලංකා බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති අජිත් ධර්මවර්ධන මහතා අතුළු පිරිසක්ද චීන තානාපති කාර්යාලයේ නිළධාරින් පිරිසක්ද එක්ව සිටියා.