ජූලි පළමුවනදා පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තු මහ ලේකම් සියලු මන්ත්රීවරුන්ට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.
පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සියලු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ ජුලි පළමුවනදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන බවයි.
කතානායකවරයාගේ උපදෙස් අනුව මෙම දැනුවත් කිරීම සිදුකර තිබෙනවා.
අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම මත ලබන මස පළමුවන සෙනසුරාදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන බව දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ද ඊයේ නිකුත්කර තිබුණා.