fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රයෝජනවත් නොවන ව්‍යාපෘති සඳහා මුදල් වෙන් නොකරන බව මුදල් රාජ්‍ය ඇමති කියයි

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2023 17:03

ප්‍රයෝජනවත් නොවන ව්‍යාපෘති සඳහා මුදල් වෙන් නොකරන බව මුදල් රාජ්‍ය ඇමති කියයි

ජනතාවට ඵලක් නොවන ව්‍යාපෘති සදහා මුදල් වෙන් නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරනවා.

ව්‍යාපෘති ආරම්භයට පෙර ඒ පිළිබද දැඩි අවධානයක් යොමු කරන බවයි ඒ මහතා පවසන්නේ.

විවිධ ආණ්ඩු යටතේ ආකර්ෂණීය නම්වලින් ආරම්භ කර ඇති සමහර ව්‍යාපෘතිවලින් ජනතාවට කිසිදු සේවයක් සිදුව නොමැති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙනවා.

අනුරාධපුර ඒකබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය පිළිබද විශේෂ සාකච්ඡාවකදීයී ඒ මහතා මේ බව පැවසුවේ. සාකච්ඡාව මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

2016 වසරේදී සංවර්ධනය සදහා වූ ප්‍රංශ ඒජන්සියේ ආධාර මත ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත වියදම යුරෝ මිලියන 62.4 ක්.

ඒ යටතේ වැඩ අවසන් කළ  දුම්රිය ස්ථාන සංකීර්ණය සහ ගුවන්විදුලි සංස්ථා එලිමහන් රංගපීඨය භාරකරුවන් නොමැති තත්ත්වයකට පත්ව ඇති බව සේමසිංහ මහතා පැවසුවා.

ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර අදාළ රාජ්‍ය ආයතන ප්‍රදේශයේ ජනතා නියෝජිතයන්ගේ අදහස් නොවිමසා කටයුතු කිරීම එයට හේතුව බවයි ඒ මහතා තවදුරටත් කටයුතු කළේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2023 17:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්