දෙමළ භාෂා පුහුණුව සාර්ථකව නිමකළ පොලිස් නිලධාරීන් 260 දෙනෙකු සදහා සහතික පත් ලබාදීම සිදු කෙරුණා.
ශ්‍රී ලංකා පොලීසියට අනියුක්ත සිංහල නිලධාරීන්ගේ දෙමළ භාෂා දැනුම වර්ධනය කිරීම සදහා රාජ්‍ය භාෂා දෙමළ පුහුණු පාඨමාලාවක් සිදුකෙරෙනවා.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් සේවාස්ථ පුහුණු කොට්ඨාසයේ අධීක්ෂණය යටතේ දිවයින පුරා ප්‍රාදේශීය සේවාස්ථ පුහුණු ඒකක මගින් රාජ්‍ය භාෂා දෙමළ පුහුණු පාඨමාලාව සිදුකෙරෙනවා.
උතුරු පළාත තුළ එම පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරණ නිලධාරීන් 1,300ක් අතරින් නිලධාරීන් 260 දෙනෙකු සදහා සහතිකපත් ලබාදීම උතුරු පළාත් ප්‍රධාන ලේකම් සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.එම් ගුණරත්න, නියෝජ්‍ය පොලිස්පති බඳවාගැනීම් හා පුහුණු දිසාව සම්පත් කුමාර ලියනගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාට සහභාගී වුණා.
සිංහල පොලිස් නිලධාරීන් සදහා දෙමළ භාෂා පුහුණුවත් දෙමළ පොලිස් නිලධාරීන් සදහා සිංහල භාෂා පුහුණුවක් ලබාදීමේදී පාඨමාලා තවදුරටත් පුළුල් කිරීමට පොලිස් සේවාස්ථ පුහුණු කොට්ඨාසය සැළසුම් කර තිබෙනවා.