ලේ දන්දීමේ වාරයන් 100 ඉක්මවූවන් ඇගයීමට පියවර
Related Articles
සිය ජීවිත කාලයතුලදී ලේ දන්දීමේ වාරයන් 50 ක් සහ 100 වතාවක් ලබාදුන් පුද්ගලයින් ඇගයීමේ වැඩසටහනක් උතුරු පලාත් ආණ්ඩුකාර පී.එම්.එස්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යාපනය කරෙයිනගර් හෙදවිදුහලේදී පැවත්වුණා.
හෙදවිදුහල් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්වූ මෙම වැඩසටහන වෙනුවෙන් ලේ දන්දුන් පුද්ගලයින් 100 කට අධික ප්‍රමාණයක් සහභාගී වී සිටි අතර එම පුද්ගලයින් විශේෂ සහතික පත් සහ සිහිවටනයන් පිරිනැමීම උතුරු ආණ්ඩුකාර තුමියගේ අතින් සිදුවිය.
ලෝක රුධීර පරිත්‍යාගශීලීන්ගේ දිනය නිමිත්තෙන් අද උදෑසන යාපනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය මගින් සංවිධානය කොට තිබූ මෙම වැඩසටහන සඳහා යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා ඇතුලු නිලධාරීන් රැසක්ද සහභාගී වී තිබුණා.
තවත් රෝගී ජීවිතයක් වෙනුවෙන් ලේ බිඳක් පරිත්‍යාග කිරීම මෙන්ම 50 වතාවක් ලේ දන්දීම මහඟු කැපවීමක් මෙන්ම ජීවිතයේ 100 වතාවක් සිය ලේ දන්දීම සියලු දෙනා එක්ව ප්‍රශංශා කල යුතු බවටත් මෙය ආදර්ශමත් ලෙස ලෝකයාට හඳුන්වා
දිය යුතු බවටද මෙම අවස්ථාවට සහභාගී වූ උතුරු පලාත් ආණ්ඩුකාර වරිය පැවසුවා.