නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි තේ වත්තේ අභිරහස් ලෙස මියගොස් සිටි මාස හතරක් පමණ වයසැති කඳුකර කොටි පැටවෙකුගේ සිරුරක් (27) දින පස්වරුවේ සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පවසනවා.
තේ වත්තේ දුගන්ධයක් හමන බවට වතු කම්කරුවන් වතු පාලන අධිකාරියට කල දැනුම් දීමක් මත වතු කම්කරුවන් තේ වත්තේ සිදු කල සොදිසි මෙහෙයුමකදි මියගොස් සිටි කොටි පැටවාගේ සිරුර සොයාගත් බවයි වනජිවි නිලධාරින් කියා
සිටියේ.
මියගොස් සිටි කදුකර කොටි පැටවා පිරිමි සතෙකු බවත්, කොටින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක් කොටියෙකු මිය යන්නට ඇති බවත්, මිය කඳුකර කොටියාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර මියගිය කදුකර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බව වනජීවි නිලධාරින් ප්‍රකාශ කළා