නැගෙනහිර යුක්‍රේනයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට
Related Articles
නැගෙනහිර යුක්‍රේනයේ ක්‍රමටොර්ස්ක් නගරයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් 40 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
අවහන්හලක් වෙළෙඳපොලක් පිහිටි ප්‍රදේශයකට එම මිසයිල ප්‍රහාරය එල්ල වුණේ ඊයේ පස්වරුවේයි.
එම ප්‍රදේශය යුක්‍රේන පාලනයට නතු ප්‍රදේශයක් වන අතර රුසියාව අල්ලාගත් ප්‍රදේශ කිහිපයකට සමීපව පිහිටා තිබෙනවා.
මිසයිල ප්‍රහාරයෙන් කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන්වලට යට වූ පිරිස් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
මිය ගිය පිරිස අතර 17 හැවිරිදි දැරියක ද වනවා.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අවන්හලේ 80 කට වැඩි පිරිසක් රැදී සිටියා.