fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොර දොස්තර කෙනෙක් අත්අඩංගුවට

hasiniek
By hasiniek ජූනි 27, 2023 16:40

හොර දොස්තර කෙනෙක් අත්අඩංගුවට

මියගිය වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචි අංකය භාවිතා කරමින් වෛද්‍යවරයකු ලෙස පෙනී සිට පානදුර උතුර සරික්කමුල්ල ප්‍රදේශයේ ව්‍යාජ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සහ ඔහුට සහාය දැක්වූ කාන්තාවක් අත්අඩංගුවට බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසනවා

එම වෛද්‍ය මධ්‍යස්ථානය තුළ තිබී ගබ්සා පෙති ඇතුළු රුපියල් කෝටියකට අධික වටිනා ඖෂධ තොගයක් පොලිස් භාරයට බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඒ අතර කල් ඉකුත් වූ ඖෂධ තිබෙන බවත් සඳහන්.

වෛද්‍යවරයෙකුට තිබිය යුතු අවම සුදුසුකමක් වත් නොමැති පුද්ගලයකු වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් කුඩා දරුවන්ගේ සිට වයෝවෘද්ධ පුද්ගලයා දක්වා ප්‍රතිකාර ලබා දෙන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබෙනවා.

පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අඹු සැමි යුවළක් ලෙස ප්‍රතිකාර ලබා ගැනීමේ මුවාවෙන් ගොස් වෛද්‍ය සහතිකයක් ද ලබාගෙන තිබූ බවයි පොලිසිය කියා සිටින්නේ

අනතුරුව එම වෛද්‍ය සහතිකයේ සඳහන් නිල මුද්‍රාවේ තොරතුරු වෛද්‍ය සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වර්ෂ 1968 දී ලියාපදිංචි වුවද එය සක්‍රීය ලෙස පවත්වාගෙන ගොස් නොතිබූ බවද අනාවරණය වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කිරීමේදී ඒ ආකාරයෙන් වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයා මීට වසර එකහමාරකට පෙර මිය යාමෙන් අනතුරුව සැකකරු වෛද්‍යවරයකු ලෙස පෙනී සිට ප්‍රතිකාර ලබාදී ඇති බවට අනාවරණ වූ බව වැටලීම සිදු කළ පොලිස් නිලධාරියකු ප්‍රකාශ කළා

ඉංග්‍රීසි භාෂාව හැසිරවීම පමණක් සැකකරුට ඇති එකම සුදුසුකම බවට මේ වන විට තහවුරු වී ඇති අතර චීනයේන් උපාධියක් ලබාගත් බව පැවසුව ද ඒ බව තහවුරු කිරීම සඳහා සැකකරු අපොහොසත් වූ බවයි පොලිසිය සඳහන් කළේ.

වෛද්‍ය මධ්‍යස්ථානයේ වටලා ඇති බවට සැකකරුගේ පවුලේ සමීප ඥාතීන්ට දැනගැනීමට ලැබීමත් සමගම ඔවුන් පැමිණ ඉල්ලන මුදලක් ලබා දෙන බව පවසා අල්ලස් ලබාදී සැකකරු මුදා ගැනීමට දැඩි පෙරැත්ත කල උසස් පොලිස් නිලධාරියකු ප්‍රකාශ කළා

ඔහු රෝගීන් පරික්ෂා කර සටහන් කරන ඖෂධ ලබා දී ඇත්තේ ද කිසිදු සුදුසුකමක් නොමැති කාන්තාවක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකාරිය විසින් හෙදියක් ලෙස කටයුතු කළ බවත් තවත් වරෙක ෆාමසියක කටයුතු කළ ප්‍රකාශ ලබා දුන් පොලිස් නිලධාරිනියක් පැවසුවා.

වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුගෙන් ප්‍රතිකාර පතා දරුවන් වැඩිහිටියන් බාල මහලු පුද්ගලයන් 18 කු වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණ සිටි බව පොලිසියකියා සිටියේ.

hasiniek
By hasiniek ජූනි 27, 2023 16:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්