සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිකුත් කර තිබෙන නාම ලේඛනය අවසන් ලේඛනය නොවන බවත් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එම ලේඛනය ප්‍රසිද්ධ කර ඇත්තේ තවදුරටත් නිවරැදි කරගැනීමට බවත් සුබසාධක මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමජික එච්.ටී.කමල්පද්මසිරි මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ (26) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂමාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්.
ආදායම , වියදම පමණක් නොව කාණ්ඩ 22 ක් යටතේ පුද්ගලයන් තෝරා ගත් බව පවසන ඒ මහතා සමීක්ෂණය සිදු කළ පිරිසගෙන් සිදුවූ අඩුපාඩු හේතුවෙන් නුසුදුස්සන් ඇතුළත් වීඇති බවත් ඒවා සොයාගැනීමට මෙම නාමලේඛනය ප්‍රසිද්ධ කළ බවත් ප්‍රකාශ කළා.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සෑම වසරකම නිකුත් කරන දරිද්‍රතා තොරතුරු ඇසුරෙන් රුපියල් 13000කට වඩා අඩු ආදමයක් සහිත පුද්ගලයන්මෙම ලේඛනයට ඇතුලත් කර ඇති බව පවසන ඒ මහතා ලක්ෂයක් පමණ අභියාචනා මේ වන විට ලැබී ඇති බවත් ඒවා සියල්ල සොයා බැලීම සඳහාප්රදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් අභියාචනා කමිටු පත් කර ඇති බවත් කියා සිටියා.
එසේම අභියචනා ඉදිරිපත් කිරීම සඳහා මෙම මස 30වැනි දින දක්වාකාලය ලබා දී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.
මෙම ප්රතිලාභ ගෙවීම සඳහා මහ භාණ්ඩාගරය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 208 ක් .
අසත්‍ය තොරතුරු ලබා දී ප්රතිලාභ ලබා ගත් පුද්ගලයන් ඒ බව සනාථ උවහොත් මහේස්ත්‍රාත් අධීකරණයක් නඩු පවරා ලබා දුන් සියලු මුදල් අය කර ගැනීමටද2002 අංක 24 දරණ සුබසාධක පනතේ 14 වැනි වගන්තිය ප්‍රකාරව හැකියාව පවතිනවා.