දඹුල්ල රන්දෙනිය වැවේ ඇල මාර්ගයේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර පැය 12 කට පසුව අද දින(27)පස්වරුවේ සොයා ගත් බව මාතලේ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල බස් ඩිපෝවේ සේවය කොට විශ්‍රාම ගොස් සිටින මාතලේ නාලන්ද ප්‍රදේශයේ පදිංචි රාජපක්ෂ
හෙට්ටිආරච්චි නැමැති හැටපස් හැවිරිදි දෙදරු පියෙක්.
මියගිය පුද්ගලයා දඹුල්ල පැල්වෙහෙර රන්දෙණිය ප්‍රදේශ්යේ තම දියණියගේ නිවසට පැමිණ සිටියදී රන්දෙනිය වැවට ජලය සැපයෙන ඇළ මාර්ගයේ දියනෑම සඳහා 26 දින දහවල් ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
පසුව දිය නෑමට ගිය පුද්ගලයා නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නිවසියන් අවට අයට දැනුවත් කොට පසුව දඹුල්ල
පොලිසියට මේ පිළිබඳව දන්වා තිබෙනවා.
ඒ අනුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක වරයාගේ උපදෙස් පරිදි මාතලේ දිස්ත්‍රික් පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් 26 දින පස්වරුවේ සිට දියේ ගසාගෙන ගොස් ඇති බවට සැක කළ පුද්ගලයාගේ සිරුර සෙවීමේ කටයුතු ආරම්භ කොට තිබුණා.
ඒ අනුව දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක නිළධාරීන් කණ්ඩායම ඔරුවක් උපයෝගී කරගෙන ඇළ මාර්ගයේ සිට වැවි මැද කොටස
දක්වාම සෝදිසියට ලක් කිරීමේදී 27 දින පස්වරු 12.30 ට පමණ මළ සිරුරු සොයා ගැනීම්ට හැකි වූ බව පොලිස් ජීවිතාරක්ෂක
නිලධාරීන් ප්‍රකාශ කළා