ආගමික ඉගැන්වීම් අපහාසයට ලක්කිරීම වැළැක්වීමට නව නීති
Related Articles
ආගමික නිදහස අහිමි කිරීම හා ආගමික කරුණු විකෘති කිරීම වැළැක්වීම සදහා කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
ආගමික නිදහස ආරක්ෂා කිරීම හා ආගමික ඉගැන්වීම් අපහාසයට ලක්කිරීම වැළැක්වීම සදහා නීති හදුන්වාදීමේ අවශ්‍යතාව පැනනැගී තිබෙනවා. ඒ සදහා කරුණු අධ්‍යනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කිරීම පිණිස කැබිනට් අනුමැතිය හිමිවුණා.
සියලු ප්‍රධාන ආගම්වල නායකයින් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් මාධ්‍ය හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළත්ව එම කමිටුව පත් කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.