fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති යළි දිවයිනට

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2023 10:05

ජනපති යළි දිවයිනට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංචාරය නිමා කරමින් අද (26) උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද (56) උදෑසන 09.10 ට ඩුබායි සිට, එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබේ.

ජනාධිපතිතුමාගේ පැමිණීම වෙනුවෙන් අද (26) දින අලුයම 05.30 සිට කටුනායක ගුවන් තොටුපොළ තුළ, ඒ අවට ප්‍රදේශයේ සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය අවට ප්‍රදේශයේ ද දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර , ඒ සදහා පොලිස් නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් ද යොදවා තිබුණි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2023 10:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්