fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිනුවන්ගොඩ වෙඩි තැබීමට ගණිඳු යොදාගත් ගිනි අවිය සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2023 10:00

මිනුවන්ගොඩ වෙඩි තැබීමට ගණිඳු යොදාගත් ගිනි අවිය සොයා ගැනේ

පොලිස් විශේෂ කාර්ය බලකා වෙඩි පහරින් පසුගියදා මියගිය අපරාධකල්ලි සාමාජික ගණිඳු සදුමින මිනුවන්ගොඩදී වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය සොයා ගෙන තිබෙනවා.

මිනුවන්ගොඩ වෑගොව්ව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පොලිස් විශේෂ කාර්ය බලකාය එම ගිනි අවිය සොයා ගනු ලැබුවා. එය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැනුණා. පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූයේ මිනුවන්ගොඩ බොරගොඩ වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් ගත් දෙදෙනෙකුට පසුගිය 17 වනදා වෙඩි තැබීමට මෙම ගිනි අවිය යොදාගෙන තිබූ බවයි. එම ප්‍රහාරයෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් අයෙකු තුවාල ලැබුවා.

පොලිස් විශේෂ කාර්යබලකායේ වෙඩි පහරින් ඇඹිලිපිටියේදී මිය ගිය සංවිධානාත්මක අපරාධකල්ලි සමාජිකයෙකු වන ගණිඳු සදුමින නමැත්තා අදාළ ප්‍රහාරයට මෙම ටී පනස්හය වර්ගයේ ගිනි අවිය යොදා ගෙන තිබූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සදහන් කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2023 10:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්