fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෞරාණික ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම කලාප ලෙස සංවර්ධනයට සැලසුම්

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2023 05:30

පෞරාණික ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම කලාප ලෙස සංවර්ධනයට සැලසුම්

කොළඹ පිහිටි පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැඟිලිවලින් සමන්විත ප්‍රදේශය ජාතික උරුම කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

මේ වන විට එවැනි වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැඟිලි 35ත් – 40ත් අතර සංඛ්‍යාවක් කොළඹ හා තදාසන්න ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පැවසීය.

එවැනි ඉඩම් සංවර්ධන කටයුතු සඳහා දිගුකාලීන බදු පදනම යටතේ ආයෝජකයන්ට බැහැර කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බව ද සභාපතිවරයා කීවේය. එම ඉඩම් හා ගොඩනැඟිලි සංවර්ධනය කිරීමේදී පෞරාණිකත්වයට කිසිදු හානියක් නොවන පරිදි ඒවා සංවර්ධනය කිරීම අනිවාර්ය බව ද ඔහු කීවේය.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා මේ බව කියා සිටියේ කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” (80 CLUB) ආයතනය මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමිනි.

එමෙන්ම එවැනි ඉඩම් සංවර්ධනය සඳහා දිගු කාලීන බදු පදනම යටතේ ආයෝජකයින්ට බැහැර කිරීමට අධිකාරිය සැලසුම් කර ඇති අතර එම ඉඩම් සහ ගොඩනැගිලි සංවර්ධනය කිරීමේ දී පෞරාණිකත්වයට කිසිදු හානියක් නොවන පරිදි ඒවා සංවර්ධනය කිරීම අනිවාර්ය බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2023 05:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්