fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුහුණු කතරගම දේවාලයේ අතුපන්දලම අලුත් කිරිමේ චාරිත්‍රය සිදු කෙරේ

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2023 16:07

රුහුණු කතරගම දේවාලයේ අතුපන්දලම අලුත් කිරිමේ චාරිත්‍රය සිදු කෙරේ

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර හයවන දිනටත් ඊයේ විදී සංචාරය කළා. කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේවරයා ද චාරිත්‍රානුකූලව පළමු වරට ඊයේ දිනයේ පෙරහැරට එක්ව සිටියා.

රාත්‍රී 7.45ට යෙදුණු සුබ නැකතින් පෙරහැර ආරම්භ වුයේ දේවාභරණ රැගත් කරඩුව කන්ඩුල හස්තියා මත තැන්පත් කිරිමෙන් අනතුරුවයි. පෙරහැර දේවාලභුමියේ පැදකුණු කිරිමෙන් පසු වාහල්කඩින් නික්ම පිටවීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගොස් පුරාණ චාරිත්‍ර ඉටුකළා. පසුව ප්‍රධාන විදීය ඔස්සේ පෙරහැර දේවාලයට පිවිසිමෙන් අනතුරුව පෙරහැර නිමාවට පත්වුණා.

මේ අතර පෙරහැර මංගල්‍ය ප්‍රධාන චාරිත්‍රයක් වන අතුපන්දලම අලුත් කිරිමේ චාරිත්‍රය අලි ඇතුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. මේ සදහා ජනතාව ද සහභාගී වන අතර තමන්ගේ කන්නලව්ව ඉදිරිපත් කිරීම ද පුරාණයේ සිට පැවත එන සිරිතක්. මේ සදහා විශේෂයෙන් මාදං අතු අලි ඇතුන් ලවා රැගෙනවිත් අතුපන්දලම සැකසීම සිදු කෙරෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2023 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්