කිසිඳු අවස්ථාවක ජනවාර්ගික ගැටලුවක් හෝ ඊට තුඩුදෙන ආකාරයේ සිද්ධීන් කිසිවක් නොවීමට වගබලා ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන් මහතා පවසනවා.
පුරාවිද්‍යාව සම්බන්ධව පැවති විද්වත් කතිකාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
පුරාවිද්‍යාව සම්බන්ධ විද්වත් කතිකාව පැවැත්වුනේ පශ්චාත් පුරාවිද්‍යා ආයතනයේදී.
මෙහිදි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා , පුරාවිද්‍යාව හා සම්බන්ධ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන් , විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙම කතිකාව සඳහා සහභාගී වුණා.
මෙහිදි කතාබහට ලක් වී ඇත්තේ වර්තමනායේ ගොඩනැගී ඇති කුරුන්දි විහාරය ආශ්රිත ගැටලුව හා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන සම්බන්ධවයි.
ඉදිරියේ දී පුරාවිද්‍යාත්මක ස්ථාන සම්බන්ධයෙන් එන ගැටලු සඳහා මුහුණ දෙන ආකාරය පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙහිදි යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/8nuFtDrEY6o”]