fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විමලසුරෙන්ද්‍ර ජලාශයේ වැලි ඉවත් කිරීමේ ව්‍යාපෘතිය නතර වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2023 12:39

විමලසුරෙන්ද්‍ර ජලාශයේ වැලි ඉවත් කිරීමේ ව්‍යාපෘතිය නතර වෙයි

නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය සහ එම ජලාශයට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ මංකඩෙහි එක්රැස් වන රොන්මඩ සහ වැලි ඉවත් කිරිමේ ව්‍යාපෘතිය විදුලි බල මණ්ඩලය විසින් තාවකාලිකව නතර කිරිම නිසා එම ව්‍යාපෘතිය ජිවනෝපාය කරගත් අඩු අදායම්ලාභි පවුල් 25 ක් පමණ දැඩි පිඩාවට පත්වී තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය, පතල් සහ භු විද්‍යා කාර්යංශය , ආරක්ෂක අමාත්‍යංශය , ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතන වල අනුමැතිය සහ බලපත්‍රවලට අනුකුලව කාලයක් තිස්සේ එම මංකඩෙහි වැලි සහ රොන්මඩ ඉවත් කල බවයි පිඩාවට පත් ජනතාව කියා සිටියේ.

එම මංකඩින් ගොඩ දැමු වැලි රාජ්‍ය ආයතනවල සංවර්ධන කටයුතු සදහා අඩු මිලට ලබාදුන් බවත්, ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයට අලුතින් පත් වු නියෝජ්‍ය සමාන්‍යාධිකාරිවරයා විසින් එම ව්‍යාපෘතිය තාවකාලිකව දැනට නතර කර තිබෙන බව ඔවුන් පවසනවා.

විදුලි බල මණ්ඩලයේ සේවකයින් යොදාගෙන යන්ත්‍ර සුත්‍ර යොදා ගනිමින්  විදුලි බල මණ්ඩලයට වැලි ලබා ගැනීමේ අරමුණින් එම ව්‍යාපෘතිය විදුලි බල මණ්ඩලයෙන් සිදු කිරිමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය සමාන්‍යාධිකාරිවරයා විසින් තමන්ට ලිඛිතව දැනුම් දි ඇති බවයි එම ව්‍යාපෘතිය නිතියානුකුලව සිදු කරගෙන ගිය අතුල රංජිත් කුමාර මහතා පැවසුවේ.

පරිසර හිතකාමි ලෙස සිදු කරගෙන පැමිණි මෙම ව්‍යාපෘතිය යලි සිදු කරගෙන යාමට අවශ්‍ය කටයුතු කරන ලෙස පිඩාවට පත් ජනතාව විසින් ජනාධිපතිවරයාගෙන් සහ විදුලි බල අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2023 12:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්