ජාතික ලොතරැයි මණ්ඩලයේ 60 වන සංවත්සරය නිමිත්තෙන් මහජන සම්පත ජය කින්ග් ලොතරැයි ටිකට් පත සහ ලකී සෙවන් ලොතරැයි පත වෙළඳපොළට හඳුන්වාදීම සිදු කෙරුණා.
මෙම සුවිශේෂි ලොතරැයි ටිකට් පත් දිනුම් ඇදීම ජූලි 28වනදා සිදු කිරීමට නියමිතයි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ 60 වන සංවත්සරය මෙම වසරට යෙදී තිබෙනවා.
නිරන්තරයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයත් සමඟ අත්වැල් බැඳගත් දිස්ත්‍රික් අලෙවි නියෝජිතයන්ගේ සේවාව ඇගයීම මෙන්ම ඔවුන්ට බලපා ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා පසුගිය දා පැවැත්වුණා.
මහජන සම්පත ජය කින්ග් විශේෂ ලොතරැයි ටිකට් පත වෙළඳපොළට හඳුන්වාදීම සිදු කෙරුණේ ද මීට සමගාමිවයි.
රුපියල් කෝටි දෙකක සුපිරි ත්‍යාගයකින් ඇරඹෙන ජය කින්ග් විශේෂ ලොතරැයියෙන් ලක්ෂ ගණනින් සෙසු ත්‍යාග දිනා ගැනීමට ද ජනතාවට අවස්ථාව සලසා දී තිබෙනවා.
එමෙන්ම ලකී සෙවන් ලොතරැයි පත වෙළෙදපොළට හදුන්වාදීමද මෙහිදී සිදු කෙරුණා.
මෙම අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී යාපා අබේවර්ධන මහතා මෙන්ම එහි ඉහළ කළමනාකාරීත්වය , දිස්ත්‍රික් අලෙවි නියෝජිතයන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/rL6u3H5WTqQ”]