ජාත්‍යන්තර සංස්කෘතික හා ආහාර ප්‍රදර්ශනය සාර්ථකව අවසන් කෙරුණා.
රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ මෙහෙයවීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය, මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හා ගෝල්ෆේස් හෝටලය එක්ව මෙම ජාත්‍යන්තර සංස්කෘතික හා ආහාර ප්‍රදර්ශනය සංවිධාන කර තිබුණා.
මෙහි අරමුණ වූයේ සියලු ජාතීන් අතර විවිධ සංස්කෘතීන්ට අයත් ආහාර හා සංස්කෘතිකාංග ප්‍රචලිත කිරීමයි.
මෙම අවස්ථාවට සහභාගී වූ අයට විවිධ රටවලට ආවේණික වූ ආහාර පාන රස විදීමට මෙන්ම එම රටවලට අයත් සංස්කෘතිකාංග නැරඹීමට ද අවස්ථාව උදා වුණා.