ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් ස්ථාපනය කරන ලද ගුවන් යානා අමතර කොටස් මෙරටදීම මතුපිට පිලියම් කිරීමේ මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමා විසින් පසුගියදා ගුවන් හමුදා පාලවි කදවුරේදී ආරමිභ කර තිබෙනවා.
මෙම මධ්‍යස්ථානය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා අලුත් වැඩියා කිරිමේ ක්‍රියාවලියේදී අමතර කොටස් මතුපිට පිලියම් කිරීමට පහසුකම් සැලසීමේ කාර්යභාරයක් ඉටු කරන ලබන අතර මේ සඳහා චීනයේ ගුවන් තාක්ෂණ ආනයන හා අපනයන ආයතනයේ විශේෂඥ කණ්ඩායමක් විසින් පූර්ණ සහයෝගය ලබා දී තිබෙනවා.
සියලු ප්‍රමිතීන්ට අනුකූලව මෙම මතුපිට පිලියම් කිරීම සිදුකරනු අතර විද්‍යුත් ආලේපනය, ක්‍රෝම් තහඩු කිරීම, තඹ තහඩු කිරීම, කැඩ්මියම් තහඩු කිරීම, නිකල් ප්ලේටින් කිරීම, දීප්තිමත් නිකල් ප්ලේටින් කිරීම, ටින් ප්ලේටින් කිරීම, සින්ක් ප්ලේටින් කිරීම, රිදී තහඩු කිරීම, කළු සින්ක් ප්ලේටින් කිරීම, රසායනික සන්නායක ඇනෝඩීකරණය, සල්ෆියුරික් අම්ලය ඇනෝඩීකරණය, ඇලුමිනියම් සහ එහි මිශ්‍ර ලෝහයේ රසායනික ඔක්සිකරණය, ක්‍රෝම් අම්ලය ඇනෝඩීකරණය, දෘඩ ඇනෝඩීකරණය, තඹ නිෂ්ක්‍රීය කිරීම වැනි විවිධ වර්ගයේ මතුපිට නිම කිරීම මෙහිදී සාර්ථකව සිදු කළ හැකියි.
මෙම මධ්‍යස්ථානය මගින් ඉදිරියේදී ශ්‍රී ලංකන් එයාර් ලයින් සහ අනෙකුත් ආයතන වල අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍යතාවයන් පුලුල් කිරීමට අවස්තාව සලසා දීමට අදහස් කර තිබෙනවා.
මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුලු අධ්‍යක්ෂක මන්ඩලයේ නිලධාරීන් සහ ගුවන් හමුදා නිලදාරීන් ඇතුලු සෙසු නිලයන් සහ චීන ජාතික ගුවන් තාක්ෂන අපනයන නියෝජිතයින් පිරිසක් සහභාගි වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/HrEh_-Nc-GE”]