fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කරුවලගස්වැව හතේ කණුව ප්‍රදේශයෙන් මිනිස් හිස්කබලක් හමු වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2023 18:05

කරුවලගස්වැව හතේ කණුව ප්‍රදේශයෙන් මිනිස් හිස්කබලක් හමු වෙයි

පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව හතේ කණුව ප්‍රදේශයේ ආසන්නයේ රජයේ රක්ෂිතය තුළ මිනිස් හිස්කබලක් , අස්ථි කොටස් කීපයක් , පාවහන් යුගලයක් පිලිස්සුණු පසුම්බියක් , පිහියක් ගසක අත්තක ගැට ගසා තිබූ ලණුවක්,බිම තිබූ ලණුවක් අද 23 දා දහවල් කරුවගලස්වැව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශ්වාසීන්ගෙන් ලැබුණු තොරතුරක් අනුව මෙම ප්‍රදේශය පරික්ෂා කිරීමේදී මේවා සොයා ගත් බවයි
කරුවලගස්වැව පොලීසිය පවසන්නේ.

මෙම අස්ථි කොටස් කාගේ ද යන්න තවමත් හා හඳුනා ගැනීමක් සිදුකරගෙන  නොමැති අතර, මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානීය අපරාධ පරීක්ෂණ නිලධාරීන් සහ කරුවලගස්වැව පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අස්ථි කොටස් අධිකරණ වෛද්‍ය කටයුතු සඳහා පුත්තලම රෝහලට රැගෙන යාමට නියමිත අතර මේ පිළබදව පුත්තලම අධිකරණයට කරුණු වාර්ථා කරණ පවයි පොලීසය සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2023 18:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්