නෞකා අනතුරු ගැන විමර්ශනයක් ආරම්භ කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කරයි
Related Articles
එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර තිබෙනවා.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සහ ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සදහා අදාළ ආයතනවලින් සාක්ෂි ලබා ගැනීමට ‘ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී’ පසුගියදා තීරණය විය.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව පළමුවරට පසුගිය (20) දින රැස්වූ අවස්ථාවේදී ඉදිරි වැඩකටයුතු පිළිබද මූලික කරුණු සාකච්ඡා කිරීම සිදුවිය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධව සහ ඊට අදාළ නඩුපැවරීම, පරිසර හානිය සහ යම් දූෂණ වංචාවක් සිදුවූයේ ද යන්නත් මීට අදාළ කටයුතු කරන රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රගතිය පිළිබදවත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව කමිටු සභාපති අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී පැවසීය. එසේම අනාගතයේ මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සහ එවැනි හදිසි තත්ත්වයකට මුහුණ දීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද නිර්දේශයන් ද මෙම කමිටුව ලබා දීමට කටයුතු කරන බවද සභාපතිවරයා පැවසීය.
තවද කමිටුවේ අවධානයට ලක්විය යුතු කරුණු පිළිබඳව මහජනතාවගේ අදහස් ලබා ගැනීමට සති දෙකක කාලයක් ලබාදීමටත් ඊට අදාළ පුවත්පත් දැන්වීම් පළ කිරීමටත් මෙහිදී තීරණය විය.
එසේම විශේෂ කාරක සභාව ලබන 27 වැනි අගහරුවාදා ප.ව 2.00 ට නැවත රැස්වීමට ද මෙහිදී තීරණය විය.
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහාචාර්ය ජී .ඇල් පීරිස්, ආචාර්ය සරත් වීරසේකර, නිරෝෂන් පෙරේරා, නිමල් ලන්සා, අකිල එල්ලාවල, නාලක බණ්ඩාර කෝට්ටගොඩ සහ මධුර විතානගේ යන මහත්ම මහත්මීහු මෙම රැස්වීමට