උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
Related Articles
මහනුවර බදුල්ල මාර්ගයේ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර පීලිපැනීමට ලක්ව තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය යළි පීලිගත කෙරුණා.
අද උදෑසන 8.30 ට පමණ මෙම පිලිපැනීම සිදුව තිබුණා. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණි බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා. දුම්රිය යළි පිළිගත කරන තෙක් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය කිරීමට නියමිත දුම්රිය තලවකැලේ සහ හැටන් දුම්රිය ස්ථානවල ද බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය කරන දුම්රිය නානුඔය ස්ථානයේදී නතර කර තැබීමට සිදු වුණා. මගීන්ගේ පහසුව වෙනුවෙන් බස් රථ සේවා ක්‍රියාත්මක කිරිමට සිදු වුණා.