fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති රනිල් ප්‍රංශයේදී රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් මුණ ගැසේ

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2023 12:11

ජනපති රනිල් ප්‍රංශයේදී රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් මුණ ගැසේ

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතාගේ ආරාධනය පරිදී ප්‍රංශයට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජගත් මහලේකම් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිප දෙනෙකුම සමගම සාකච්ඡා පැවැත්වුවා.

ජනාධිපතිවරයා ප්‍රංශයේ නිල සංචාරයක නිරතවන්නේ එරට ඉහළපෙළේ සමුළුවකට සහභාගී වීම සදහායි.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ ආරාධනය පරිදී නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන සමුළුවට සහභාගී වීම සදහායි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ප්‍රංශයේ නිල සංචාරයක නිරත වන්නේ. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය සමග ප්‍රංශ ජනාධිපති නිල නිවස වන එලිසි මාලිගාව වෙත පැමිණියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතින්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා ද හමුවී සාකච්ඡා පැවැත්වුවා.

මේ අතර ජනාධිපතිවරයා සහ එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය අතර විශේෂ  සාකච්ඡාවක්ද පැවැත්වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නෙදර්ලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය සිග්රිඩ් කාග් මහත්මිය අතර ද්වී පාර්ශ්වික සාකච්ඡාවක්ද පැවැත්වුණා. ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,  මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2023 12:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්