හෙට (24) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.
ඔවුන් පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල ජල සැපයුම මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට නියමිතයි.