ටයිටැනික් නෞකාව ගවේෂණයට ගිය අතුරුදන්වූ සබ්මැරිනයේ ගමන් කළ පස් දෙනාම මියගොස් ඇති බවට නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
ඒ එම සබ්මැරීනයේ කොටස් කිහිපයක් හමුවීමත් සමඟයි.
ටයිටැනික් නෞකාව ගවේෂණයට ගොස් අතුරුදන්වූ සබ්මැරීනයේ කොටස් කිහිපයක් සොයා ගෙන තිබෙනවා.
සබ්මැරිනයේ වල්ගය වැනි කොටස සහ පාදම ලෙසින් තිබූ කොටසයි මෙලෙස සොයා ගෙන ඇත්තේ.
මේ අතර සබ්මැරීනය අයත් සමාගම වන ඕෂන් ගේට් ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සබ්මැරිනයේ සිටි සියලුම දෙනා මේ වන විට මියගොස් ඇති බවය තහවුරු කරගෙන ඇති බවයි.
මේ අතර ඇමෙරිකාවේ වෙරළාරක්ෂක අධිකාරිය සඳහන් කරන්නේ සබ්මැරිනය පිපිරීමකට ලක්ව ඇති බවයි.
යානයේ සුන්බුන් සොයාගෙන තිබෙන්නේ වික්ටර් 6000 නම් ප්‍රංශය ලබා දුන් අධිතාක්ෂණ යාත්‍රාවත් මගිනුයි.