fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2023 09:53

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු අත්අඩංගුවට

මගී ප්‍රවාහන බස්රථ මගින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු  විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂකාර්ය බලකාය වාකරේ කදවුරේ නිලධාරීන්ට යුද හමුදා බද්ධි අංශයෙන් ලැබුන තොරතුකට අනුවයි වැටලීම සිදුකළේ.

ඒ අනුව ඊච්චලම්පත්තු පොලිස් වසමේ වාමඩ්චේන පාසල අසළ ප්‍රදේශයේ වැටලීමක් සිදු කෙරුණා.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150 ක් සමඟ තිස්තුන් හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා.

ඒ කල්මුණේ ප්‍රදේශයේ සිට ත්‍රිකුනාමලය දක්වා ගමන් ගන්නා පෞද්ගලික බස්රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදීයි.

මොහු කළක සිටම මගි බස්රථ මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් එවා ජාවාරමේ යෙදී ඇති බවයි විශේෂ කාර්ය බලකාය හෙළිකර ගත්තේ.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු  ඊච්චලම්පත්තු පොලිසියට භාර දී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2023 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්