fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු කොරියාවට යාමට තිබූ ශ්‍රී ලංකන් යානය ප්‍රමාද වූයේ ගුවන් නියමුවා රෝගී වීම නිසා – නිමල් සිරිපාල

hasiniek
By hasiniek ජූනි 22, 2023 19:35

දකුණු කොරියාවට යාමට තිබූ ශ්‍රී ලංකන් යානය ප්‍රමාද වූයේ ගුවන් නියමුවා රෝගී වීම නිසා – නිමල් සිරිපාල

දකුණු කොරියාවට ශ්‍රමිකයන් රැගෙන යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් යානය ප්‍රමාද වුයේ ගුවන් නියමුවා රෝගී වීම නිසා බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එදින නිවාඩු සිටි ගුවන් නියමුවන් 20 දෙනාගෙන් එක් අයෙකුවත් රෝගී නියමුවා වෙනුවෙන් සේවයට වාර්තා කිරීමට කැමැත්ත පල කලේ නම් මෙම තත්ත්වය උද්ගත නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

දකුණු කොරියාවේ රැකියා සදහා පනස් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකන් ගුවන් යානයකින් එරට බලා ගමන් කිරීමට නියමිතව තිබුණේ පසුගිය 20 වනදා රාත්‍රී 8.20ටයි.

එදින නියමිත පරිදි අදාළ ගුවන් ගමන සිදු නොවීම හේතුවෙන් ඔවුන්ට නියමිත පරිදි එරටට යාමට නොහැකි වුණා. ගුවන් ගමන් ප්‍රමාදයට හේතුව නියමුවෙකු රෝගී වීම බව පැවසීම අසත්‍යක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිදුකර ඇති ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ.

අදාළ ගුවන් නියමුවා ඒවා තිබු වෛද්‍ය වාර්තාව ද අමාත්‍යවරයා මෙහිදි සභා ගත කළා.

 

 

 

hasiniek
By hasiniek ජූනි 22, 2023 19:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්