ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව ජගත් මානව හිමිකම් නියෝජ්‍ය මහ කොමසාරිස් නාඩා අල් නෂිෆ් පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරියේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින්.
සංහිඳියාව / වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට හා ජනතාවට සහාය ලබාදීමට මානව හිමිකම් කවුන්සිලය සුදානම් බව නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය පවසනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුකූල නීති සම්පාදනය කිරීමට රජය පියවර ගත යුතු බව ඇය පවසනවා.
ප්රජාතන්ත්රවාදය නැවත ස්ථාපිත කිරීමට / ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීමට / වගවීම හා සංහිඳියාව මෙන්ම මානව හිමිකම් තහවුරු කිරීමට මෙය අවස්ථාවක් කර ගන්න කියලා මම ශ්‍රී ලංකා රජයට හා දේශපාලන පක්ෂවලට යෝජනා කරනවා. දමිළ දේශපාලන පක්ෂ සමඟ ජනාධිපතිවරයා ආරම්භ කර ඇති සාකච්ඡා අගය කරන අතරම පුරාවිද්‍යා / වනවගා හෝ ආරක්ෂක හේතුන් මත ඉඩම් පවරා ගැනීම අත්හිටුවීමට ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුව ඉතා ප්‍රශංසනීයයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අදාළ සාමාජිකයින් පත් කිරීම කඩිනම් කළ යුතුයි. එමෙන්ම එහි ස්වාධීනත්වය හා ඵලදායීතාව සුරක්ෂිත කිරිම වැදගත්.
සත්‍ය සෙවිමේ කොමිසමක් හෝ ඒ සමාන යාන්ත්‍රණයක් සඳහා වන සැලසුම් ප්‍රකාශ කිරීම වැදගත්වනවා. පසුගිය කාලයේ දී ක්‍රියාත්මක වු කොමිෂන් සභා හරහා අදාළ වින්දිතයින්ට සහන සැලසීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සැහිමකට පත්විය නොහැකි. සංහිඳියාව හා තිරසාර සාමයක් ස්ථාපිත කිරීමට වගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගැනීම / හාස්‍ය උත්පාදන වැඩසටහනක දී සිදුකළ ප්‍රකාශයක් අරඹයා අත්අඩංගුවට ගැනීම හා විරෝධතාවයක නිරත වු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම යන කරුණු සම්බන්ධයෙන් අප දැඩි අවධානය යොමුකර තිබෙනවා. ත්රස්වාදය වැළැක්විමේ පනත ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුව සම්පාදනය කළ යුතු අතර ප්‍රතිත්‍රස්ත පනත හරහා අදහස් ප්‍රකාශ කිරිම / සමකාමි රැස්වීම හා කම්කරු අයිතීන් කඩවන බවක් දැකිය හැකියි.
ජගත් මානව හිමිකම් නියෝජ්‍ය මහ කොමසාරිස් නාඩා අල් නෂිෆ් ගේ වාචික වාර්තාවෙන් පසු ඒ පිළිබඳ ශ්‍රී ලංකාවේ ජගත් සංවිධාන නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක මහත්මිය පිළිතුරු ලබා දුන්නා.
ශ්‍රී ලංකාව මේ වන විට දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමට සමත් වී තිබෙනවා.
ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් අතට හැරී ඇති බව සදහන් කළ හැකියි.
දැඩි අර්බුදකාරී තත්ත්වයන් මධ්‍යයේ ශ්‍රී ලංකා රජය ව්‍යවස්ථාවට අනුකූලව සංහිඳියාව හා වගවීම දීර්ඝ කාලීනව ස්ථාපිත කිරීමට අවධානය යොමුකර තිබෙනවා. මූලික නිදහස ඇති කරමින් සියලු ශ්‍රී ලාංකිකයින්ගේ අයීතින් තහවුරු කිරීමට රජය කටයුතු කර ඇති බව පැවසිය හැකියි. ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳ තවමත් සාකච්ඡා සිදු කෙරෙනවා.
දූෂණ විරෝධි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත් බව පැවසිය හැකියි. අතුරුදන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය පැමිණිලි 3000කට අධික සංඛ්‍යාවක් විභාග කර අවසන්. එහි ක්‍රියාවලිය පුළුල් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
පෞද්ගලික ඉඩම් 92%ක් පමණ මේ වන විට අයිතිකරුවන්ට නිදහස් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මානව හිමිකම් යාන්ත්‍රණය ශක්තිමක් කිරීමට ශ්‍රී ලංකා රජය අඛණ්ඩව කැපවන බව මා මෙහිදි සදහන් කළ යුතුයි.