ටයිටන් සතු ඔක්සිජන් අවසන්
Related Articles
අතුරුදන් වූ එම සබ්මැරීනය සතුව ඔක්සිජන් වායුව මේ වන විට අවසන්වී ඇති බව වෙරළාරක්ෂක බලකාය නිවේදනය කරනවා.
සුප්‍රකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට බ්‍රිතාන්‍යයේ හා පාකිස්ථානයේ ප්‍රකෝටිපතියන් තිදෙනෙකුද සහිතව ඕශන් ගේට් සමාගමේ ටයිටන් සබ්මැරීනය සාගර පත්ලේ ගවේෂණය ඇරඹුවේ පසුගිය ඉරිදායි.
එදිනම පස්වරුවේ යළි පැමිණීමට ඔවුන් අපේක්ෂා කළද එම සබ්මැරීනය සාගර පත්ලේ අතුරුදන් වුණා.
අත්ලාන්තික් සාගර පතුලේ පිහිටි ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය සොයා ගැනීමට තවමත් මෙහෙයුම් කණ්ඩායම්වලට හැකි වී නැහැ.