අඛණ්ඩව 13 වන වරටත් පොලී අනුපාත ඉහළ දැමීමට බ්‍රිතාන්‍ය මහ බැංකුව සුදානම් වනවා.
පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාම පාලනය කිරීම සඳහායි මෙම පියවර ගැනීමට සුදානම් වන්නේ.
එරට උද්ධමනය පසුගිය මැසි මාසයේ දී 8.7%ක් ලෙස සටහන් වනවා.
ඒ හේතුවෙන් බ්‍රිතාන්‍ය මහ බැංකුව පොලී අනුපාත 4.5%කින් පමණ ඉහළ දමනු ඇති බවටයි ආර්ථික විශ්ලේෂකයින් අනාවැකි පළ කරන්නේ.
කෙසේ වුවද එය 5%ක් වැනි ඉහළ අගයක් වුවද ගත හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.
මේ වන විටත් එරට පොලී අනුපාත වසර 15කින් පසු ඉහළම අගයට පැමිණ ඇති අතර 2021 වසරේ දෙසැම්බර් මාසයේ සිටයි පොලී අනුපාත ඉහළ දැමීම සිදු කෙරෙන්නේ.
පොලී අනුපාත ඉහළ දැමීම සදහා මුදල් ආපසු ලබා ගැනීම අවම කිරීම හා පාරිභෝගික වියදම් පහළ දැමීම හරහා මිල පාලනය කිරිම සිදුවනවා.