චීනය කියුබාවේ නව හමුදා පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සුදානම් වන බව වාර්තා වනවා.
නව හමුදා පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කිරිම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා අවසන් අදියරේ පවතින බවයි වොල් ස්ට්‍රීට් පුවත් පත සඳහන් කරන්නේ.
යෝජිත හමුදා පුහුණු මධ්‍යස්ථානය හරහා ඒකාබද්ධ හමුදා පුහුණු සිදු කිරිමට නියමිතයි.
යෝජිත මධ්‍යස්ථානය හරහා ඇමෙරිකාවේ බලය සහිත කලාපයකට චීන හමුදා පැමිණීම සිදුවනවා.
එය ඇමෙරිකාවට අභියෝගයක් වනු ඇති බවටයි වොල් ස්ට්‍රීට් පුවත් පත පෙන්වා දෙන්නේ.
කෙසේ වුවද හමුදා පුහුණු මධ්‍යස්ථානය සම්බන්ධයෙන් දෙපාර්ශවය මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැහැ.