මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ වත්මන් මනමේ කුමාරයා ලෙස රග පෑ සුනිල් තිලකරත්නයන් ජීවිත රග මඩලෙන් නික්ම ගියා.
මනමේ කුමාරයා යන ආදර නාමයෙන් හැදින් වූ සුනිල් තිලකරත්න නාට්‍ය ශිල්පියා අභාවප්‍රාප්ත වන විට 52වන වියේ පසු වුණා.
දොරොව්ව මහා විද්‍යාලයේ නර්තනාචාර්යවරයා ලෙස කටයුතු කරමින් සිටි සුනිල් තිලකරත්න මනමේ නාට්‍යයට අමතරව සිංහබාහු, නරිබෑනා, අසනි වැස්ස, රූකඩ රාජ්ජේ ඇතුළු නාට්‍ය රැසක රඟ පා තිබෙනවා.
හෝ ගානා පොකුණ ඇතුළු චිත්‍රපට කිහිපයකටද ඔහු රංගනයෙන් දායක වුණා.
කුරුණෑගල පැවති රූකඩ රාජ්ජේ රඟ දැක්වීම් අතරතුර වේදිකාව මත දී හදිසියේ රෝගාතුර වූ ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදීයි මිය ගියේ.
මීරිගම, බැද්දෙගෙදර කිතලවලාන ප්‍රදේශයේ පදිංචිව සිටි නාට්‍ය ශිල්පී සුනිල් තිලකරත්න තිදරු පියෙක්.
[ot-video type=”youtube” url=”https://youtu.be/7V4R7WcOnPI”]