දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගිය මහා පරිමාණයේ හෙරොයින් ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුළිය පොලිස් වසම තුළ කළ සොදිසි මෙහෙයුමකදි.
එහිදී හෙරෝයින් ග්රෑම් 5යි මිලි ග්රෑම් 210ක් , මුදලින් රුපියල් 51000ක් , ජංගම දුරකතනයක් ඔහු සන්තකයේ තිබි සොයා ගනු ලැබුවා.
කොළඹ 15 ප්රදේශයේ පදිංචි මොහු අවුරුදු 48ක පුද්ගලයෙකු වනවා.
මේ පිළිබඳ වැඩිදුර විමර්ෂණ කටයුතු මට්ටක්කුළිය පොලිස් ස්ථානය මඟින් සිදුකරනවා.