ඓතිහාසික රුහුු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැරේ දෙවන පෙරහැර ඊයේ රාත්රියේ වීධි සංචාරය කළා.
රුහුණු කරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර මහතාගේ මූලිකත්වයෙන් දේවාභරන රැගත් කරඩුව කණ්ඩුල හස්තිරාජයා මත තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර වීදි සංචාරය කළා.
පළමුව පෙරහැර දේවාල මළුව වටා ගොස් ප්රධාන වාහල්කඩින් නික්ම වල්ලිඅම්මා දේවාලය දක්වා පිවිස එහි පුද සිරිත් ඉටු කරනු ලැබුවා.
නැවත ප්රධාන වීදිය ඔස්සේ මහාදේවාලයට ගෙවැදීමෙන් පෙරහැර අවසන් කෙරුණා.
ඊයේ දිනයේද සංස්කෘතිකාංග මෙන්ම විචිත්රාංග රැසකින් පෙරහැර වර්ණවත් වුණා.