හමුදාවේ ඉහළ පෙලේ අණදෙන නිලධාරීන්ගේ සාමාන්‍ය ජීවිත සදහා චීන හමුදාව මෙතෙක් නොපැවති දැඩි නීති පනවා තිබෙනවා.
ඇතිවිය හැකි අහිතකර සමාජ බලපෑම් පාලනය කිරීමේ අරමුණින් මෙම නීති පැනවූ බවයි චීන හමුදාව සදහන් කරන්නේ.
පනවා ඇති නව නීති දැඩි ස්වරූපයක් ගතත්ද වෙනස්වන කාලය හා කටයුතු කිරීමේදී එය අත්‍යවශ්‍ය කරුණක් බවද ඔවුන් පෙන්වා දෙනවා.
එමෙන්ම නව නීති විශ්‍රාමික ජෙනරල්වරුන්ට ද අදාළ බවයි වාර්තා වන්නේ.
ජනාධිපති ෂී ජින් පින්ගේ සභාපතිත්වයෙන් යුත් මධ්‍යම හමුදා කොමිසම නව නීති අනුමත කර ඇති බව සදහන්.
නව නීති සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් හෙලිව නොමැති අතර ක්ෂේත්‍ර 8 ක විශේෂිත අවශ්‍යතා හා ඉල්ලීම් ඊට ඇතුළත් බව සදහන්.