විදෙස් වෙළඳපොල ඉලක්ක කර ගනිමින් අලි පේර වගා ව්‍යාපෘතියක්

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2023 15:24

විදෙස් වෙළඳපොල ඉලක්ක කර ගනිමින් අලි පේර වගා ව්‍යාපෘතියක්

විදෙස් වෙළදපොල ඉලක්ක කර ගනිමින් අලි පේර වගා ව්‍යාපෘතියක් කෘෂිකර්ම අමාත්‍යංශය ආරම්භ කර තිබෙනවා.

බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික් කේන්ද්‍ර කර ගනිමිනුයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ.

නව ව්‍යාපෘතිය යටතේ පැල සිටුවීම ඇල්ල කුඹල්වෙල පියරපන්දෝව ප්‍රදේශයේ දී සිදුකෙරුණා.

අගෝස්තු මාසය වනවිට දිස්ත්‍රික්කය පුරා පැළ රෝපණය අවසන් කිරීම සැළසුමයි.

මෙම ව්‍යාපෘතිය යටතේ හෑෂ් ඇවකාඩෝ නම් ප්‍රබේදයක් වගාකෙරෙන අතර එම ප්‍ර බේදයේ සියයට 22ක පමණ මේදය ඉහළ ප්‍රතිශතයක පවතිනවා.

දේශීයව සාදා ගන්නා ග්‍රාහක වලට ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන හෑෂ් නමැති විශේෂයේ අංකුර බද්ද කර මෙම පැළ සකස් කර ගැනීම සිදුකෙරෙනවා.

පූර්ණ ලෙස විදෙස් වෙළදපොල ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මකයි.

ලෝක බැංකු සහ යුරෝපා සංගමයේ ආධාර ද මේ සදහා ලැබී ඇති අතර කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ මෙය සිදුකෙරෙනවා.

ගොවියෙකු සදහා අක්කර භාගයක වගා කිරීමට අවශ්‍ය බදුන්ගත පැළ 50ක්, ආවරණ දැලක්, පොහොර, කෘමිනාශක මෙන්ම ජල සම්පාදනය සදහා අදාළ උපකරණ ලබාදෙන අතර රුපියල් ලක්ෂ පහමාරක මුදලක් ද ලබාදෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2023 15:24