බ්රසීලයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් එම පාසලේ ඉගෙනුම ලැබූ සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
දකුණු දිග බ්රසීලයේ කැම්බේ නගරයේ පිහිටා ඇති පාසලකයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ වෙඩි තැබීමෙන් තවත් සිසුවෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම පාසලේම ඉගෙනම ලැබූ ආදි සිසුවෙකු බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය හේතුවෙන් එම ප්ර දේශයට දින තුනක ශෝකය කාලයක් ප්රකාශයට පත් කර ඇති බවද සදහන්.
එමෙන්ම පාසල් තුල සාමය හා සංහිදියාව ස්ථාපිත කිරීමට කටයුතු කරන මොහොතක මෙවැනි සිද්ධීන් අනුමත කළ නොහැකි බවයි එරට ජනාධිපති ලූලා ද සිල්වා සදහන් කරන්නේ.