fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදු හක් බෙල්ලන් 3200 අල්ලයි

hasiniek
By hasiniek ජූනි 21, 2023 14:56

මුහුදු හක් බෙල්ලන් 3200 අල්ලයි

කල්පිටිය අල්මනාර් ප්‍රදේශයේ නිවසක අනවසරයෙන් ගබඩා කර තිබූ මුහුදු හක් බෙල්ලන් 3200 ක්,අද 21 දින දහවල් කල්පිටිය පොලිසිය අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

විවිධ ප්‍රමාණයේ මුහුදු හක් බෙල්ලන් තොගය ගෝණි 40 ක අසුරා තිබූ බවත් ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු ද සමගින් අත් අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ

කල්පිටිය පොලිස් විශේෂ කාර්‍යාංශයට ලද තොරතුරකට අනුව කල්පිටිය පොලිසියේ පොලිස් පරීක්ෂක ශාන් මුණසින්හ මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 26,28 වන කල්පිටියේ පදිංචිකරුවන්

hasiniek
By hasiniek ජූනි 21, 2023 14:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්