ඉතාමත් ඉක්මනින් ටෙස්ලා සමාගමේ නිෂ්පාදන ඉන්දියාවේදී ආරම්භ කරන බව ඉලෝන් මස්ක් සඳහන් කරනවා.
ඇමෙරිකාවේ රාජ්‍ය සංචාරයක නිරත වී සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වූ අවස්ථාවේදීයී ඉලෝන් මස්ක් මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයේ පුරෝගාමියෙකු ලෙස හැදින්වෙන ටෙස්ලා සමාගමේ නිෂ්පාදන කටයුතු ඉන්දියාවට ගෙන ඒම හරහා විද්‍යුත් මෝටර් රථ කලාපය පුරා ප්‍රචලිත කිරීම අරමුණයි.
විද්‍යුත් මෝටර් රථ මෙන්ම වානිජ අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් ඇති ව්‍යාපාරික අවස්ථා පිළිබද ඉන්දියාවේ සංචාරයක නිරත වී සොයා බලන ලෙස නරේන්ද්‍ර මෝදි ඉලොන් මස්ක්ට ඇරයුම් කර තිබෙනවා.
එමෙන්ම තමා නරේන්ද්‍ර මෝදිගේ රසිකයෙකු බව මස්ක් මෙහිදී සඳහන් කර තිබෙනවා