චීන ජනාධිපති ෂී ජින් පින්ග් ඒකාධිපති පාලකයෙකු බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් චීනයේ සංචාරයක නිරත වී දිනකට පසුව ජෝ බයිඩ්න් මෙම ප්‍රකාශය සිදු කිරීම විශේෂත්වයක්.
රාජ්‍ය ලේකම්වරයාගේ චීන සංචාරය අතරතුරදී චීන විදේශ අමාත්‍යවරයා / එරට ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයකු වන වැන්ග් යි හා ජනාධිපති ෂී ජින් පින් ද මුණ ගැසුණා.
චීන ඇමෙරිකා මත බේදාත්මක ගැටුම් විසදාගැනීමේ අරමුණිනුයි රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය සිදු කෙරුණේ.
කෙසේ වුවද ජනාධිපත බයිඩ්න්ගේ මෙම ප්‍රකාශයත් සමග දෙරටේ මතගැටුම් උග්රවනු ඇති බවට විශ්ලේෂකයින් මත පල කරනවා.